සිවිල් සංවිධාන කිහිපයක් විසින් පාර්ලිමේන්තුව අසල සිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නෙළුම් මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පා ගමනක් පැමිණ තිබෙනවා.

මේ පිරිස පැමිණ ඇත්තේ, ” රට වනසන පනත් පරාජය කරමු ” ලෙස සටහන් කළ විරෝධතා පුවරු සහිතවයි.

විරෝධතාකරුවන් නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසලදී පොලිසියෙන් බාධා කිරීමත් සමගම උණුසුම්කාරි තත්වයක් ඇති වී තිබෙනවා.

එහිදී එම ස්ථානයේ පොල් ගසමින් විරෝධය පළ කළ විරෝධතාකරුවන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එම මාර්ගයෙන් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ ඔහුටද විරෝධයක් පළකර තිබෙනවා.

ඒ අතර අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් පළ කිරීමක්ද සිදු කර තිබුණා.

විරෝධතාවෙන් අනතුරුව දෙපාර්ශ්වයම ඉන් ඉවත්ව ගිය බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here