නීති විරෝධී කසිප්පු පානය දඹුල්ල විහාර හංදිය ප්‍රදේශයේ පස් දෙනෙකු දින දෙකක් තුල ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ පිරිස නිතරම එකම ස්ථානයකින් කසිප්පු පානය කර ඇති බවයි මේ දක්වා සිදුකල පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

මේ කසිප්පු පානය කල දෙදෙනෙක් පෙරේදා මියගොස් ඇති අතර අනෙක් තුන්දෙනා ඊයේ මියගිය බවයි අප දඹුල්ල වාර්තාකරු පවසන්නේ.

මිය ගිය අයගේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.

මේ කසිප්පු ජාවාරම සිදුකරන පුද්ගලයන් මීට පෙරද කසිප්පු ජාවාරම හසුවී රිමාන්ඩ් බන්ධනාගාර ගත කල පිරිසක් බවයි වාර්තා වන්නේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here