බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවි සැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසනවා.

එහි සේවකයකු විසින් යකඩ පොල්ලකින් ගැසීම නිසා මරණය සිදුව ඇති බවයි බිබිල පොලිසිය පැවසුවේ.

මුදල් ගනුදෙනුවක් මත දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවද වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ගයාන් ඉන්දික 37 නම් බෝගහමඩිත්ත, හාලිඇල පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

මරණය සම්බන්ධයෙන් සැකකාර සේවකයා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here