පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද(31) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

ප්‍රතිඵල ලේඛන අවසන් අදියරේ පරීක්ෂා කිරීම මේ වනවිට සිදුවන බවයි විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි 04 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්විණ.

ඊට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 42,883 කි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here