ශ්‍රී ලංකාවේ පවතින ග්‍රාම නිලධාරී වසම් 14,022 තුළ එක් ග්‍රාම නිලධාරියෙකු බැගින් අනුමත වී කටයුතු කරන අතර 2023.06.30 දිනට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2763 ක් පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (08) පාර්මේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ එම පුරප්පාඩු කඩිනමින් පිරිවීමට 2023.05.28 දිනැතිව නිකුත් කරන ලද අංක 2230 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය ප්‍රකාරව අයදුම්පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ග්‍රාම නිලධාරී විභාගය 2023 දෙසැම්බර් පළමු සතියේ පැවැත්වීමට නියමිත බවයි.
2021.03.31 දිනට පැවති ග්‍රාම නිලධාරී පුරප්පාඩු එමගින් පිරවෙන අතර ඉතිරි පුරප්පාඩු දැනට රාජ්‍ය සේවයේ නියුකු නිලධාරීන් අන්තර්ග්‍රහණය මගින් පිරවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ ය.