වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අද(31) 30 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා නොමග යැවීම හේතුවෙන් තම ඉල්ලීම සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද වී ඇති බවයි විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා සඳහන් කළේ.
එකඟ වූ මාසික හිලව් දීමනාව නොගෙවීම සහ 2016 වසරේ කප්පාදු කළ 15% ක වැටුප ලබා දීම ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නැයි රජයට බලකරමින් අනධ්‍යයන සේවකයින් එම වැඩ වර්ජනය ආරම්භ කළේ ය.