ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝ​ධතා මතු කර තිබුණා.

ඒ අනු​ව එම මූලික විරෝධතා පිළිගෙන අදාළ විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසට චෝදනා එල්ලවී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here