පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාට එරෙහිව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා කඩුවෙල දිසා අධිකරණයෙහි පනවා තිබූ  වන්දි නඩුවක් සම්බන්ධයෙන් විමලවීර දිසානායක මහතා අධිකරණයේදී සමාව ගැනීම නිසා එම නඩුව සමථයකට පත් කර අවසන් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග මහත්මිය අද (31) තීරණය කලා.

හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඉකුත් 2021 වර්ෂයේ සැප්තැම්බර් මස පස් වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සීනි තොග රැස් කරමින් අකටයුත්තක් සිදු කරන බවත් එය හිටපු අමාත්‍යවරයෙකු නොගැලපෙන බවත් පවසමින් මාධ්‍ය හමුවේ කරුණු දක්වා ඇති බවත් ඒ මගින් තම කීර්ති නාමයට කැළලක් සිදුව ඇති බවත් ඒ වෙනුවෙන් බිලියන දෙකක වන්දියක් ලබා දෙන ලෙසත් පවසමින් රවී කරුණානායක මහතා කඩුවෙල දිසා අධිකරණයෙහි නඩු පවරා තිබුණි.

ඒ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් සිදු වූ කටයුත්ත පිලිබදව අධිකරණයෙහි සමාව ගැනීමත් ඒ සදහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා එකගතාවය පල කිරීමත් නිසාවෙන් නඩුව සමථයකට පත්කර අවසන් කිරීමට මෙහිදී අධිකරණය තීරණය කරන ලදී .

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here