කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත්දෙනෙකු (09) දින සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පැවසිය.
එම රක්ෂිතය තුල විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් පිරිසක් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරින් ඒකාබද්ධව මෙහෙයුමක් දියත් කර සැකකරුවන් සහ මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ වතුයායක පදිංචි අවු 20-30 වයස් කාණ්ඩ පසුවන අය බවත්, සැකකරුවන් හත්දෙනාට මේ මස (14) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට උපදෙස් ලබා දි සැකකරුවන් හත්දෙනා ඇප මත මුදා හැරි බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
(හැටන් රංජිත් රාජපක්ෂ )