දිස්ත්‍රික්ක 07කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන ඇති.
ඒ අනුව, අද (01) උදෑසන 8.00 සිට හෙට උදෑසන 8.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.