වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාන බොහොමයකට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ඉරිතලා ගොස් නාය යාමේ අවදානමකට ලක් වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සහ මීගහතැන්න පොලිසිය මගින් අද සවස එම මාර්ගය තාවකාලිකව හෙට උදෑසන දක්වා වසා තබා ඇත.
ඊට උදෑසන මාර්ග සංවර්ධන අධිකාරිය සහ මීගහතැන්න පොලිසිය එම ස්ථානය නිරීක්ෂණයෙන් අනතුරුව නැවත මාර්ගය විවෘත කිරීමට නියමිත අතර මීගහතැන්න පොලිසිය ප්‍රකාශ කරන්නේ පැලවත්ත ගොරකදූව මංසන්ධියෙන් ප්‍රධාන මාර්ගය පොලිස් මාර්ග බාධක යොදවා වසා දමා ඇති අතර ,නෙළුව දක්වා ධාවනය වන සියලුම රථ වාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලා සිටි.
(සම්පත් කුලරත්න – කළුතර)