20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අද (03) අතර පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 19 යි පන්දු 1 ක්  අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 77 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 11 ක් හා දසුන් ශානක ලකුණු 9 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් Anrich Nortje කඩුලු 4 ක් හා Keshav Maharaj කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම 17 වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 2 ක් හා දසුන් ශානක හා නුවන් තුෂාර එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here