ඊයේ (03) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් ප්‍රමුඛව පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහරදී තිබෙනවා.

මහනුවර සංවර්ධන කමිටුව සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමත් සමඟ අදාළ ප්‍රහාරය එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ මුෂ්ටි ප්‍රහාරයෙන් විසිවී ගිය ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධනද පෙරළාගෙන ඇද වැටී තිබෙනවා.

පහරකෑමෙන් ඔහුගේ උකුල් ඇටයකට හානිවී ඇති බවයි පැවසෙන්නේ.

පසුව ගිලන් රථයක් එම ස්ථානයට ගෙන්වාගෙන පහරකෑමට ලක්වූ ගුණතිලක රාජපක්ෂ මහතා කොළඹ යුද හමුදා රොහලට ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here