විදුලි පාරිභෝගික ගාස්තු සංශෝධන යෝජනාව අවසන් කිරීම සඳහා ඊයේ (04) ලංවිම ගාස්තු අංශය සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
සෑම වසරකම කාර්තුවකට වරක්, වියදම් නිරූපණය වන පරිදි විදුලි අය ක්‍රමවේදය සංශෝධනය කිරීමට පසුගිය වසරේදී රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එලැඹිණ.
ඒ අනුව ජුලි මාසයේදී සංශෝධනයක් සිදුකෙරෙන බවත්, ඒ සම්බන්ධයෙන් වන ගාස්තු යෝජනාව මේ සතියේදී මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසනවා.