සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් දරුවාගේ පියා වන කුකුල් චමින්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අද (05) අලුයම අදාළ පුද්ගලයා සහ පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්.

ඔවුන් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ පහරකෑමට ලක් වූ අවුරුදු 4 1/2 ක දරුවා ද පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇති බවයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here