මහ වැසි සමග ඇතිවූ ආපදාවලින් මිය ගිය සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පසුගිය 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම මරණ වාර්තාවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථය සඳහන් කළේ.

දිස්ත්‍රික්ක 13 පුද්ගලයින් දෙලක්ෂ 48,005 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටී. 

සුරක්ෂිතතා මධ්‍යස්ථාන 159ක රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 10,833 කි.  

අධික වැසි හමුවේ ඇති වූ ආපදාවලින් නිවාස 44ක් සම්පූර්ණයෙන් විනාශවී ඇති අතර, අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 4,477 කි. 

මේ අතර, කළු හා ගිං ගංගා තවදුරටත් මහ ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනිකුත් ගංගාවල මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිත පවතින ගංවතුර බැස යමින් ඇති බවයි.

ගංවතුර බැස යමින් ඇතත්, එම ගංගා අවට පහත්මිබ්වල ජනතාව තවදුරටත් විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සූගීශ්වර මහතා ජනතාවට දැනුම් දෙයි. 

මේ අතර, දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.

කළුතර , රත්නපුර , කොළඹ , ගාල්ල , හම්බන්තොට , මහනුවර , කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here