අනුරාධපුර කලාව ප්‍රදේශයේ සිට අවුරුදු 26 ක තරුණයෙක් දිවුලපිටිය නගරය වෙත රැගෙන ආ ගජමුතුවක් දිවුලපිටි පොලිසිය විසින් සැකකරු සහ ගජ මුතුව පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ලක්ෂ හැටකට තවත් පුද්ගලයෙකුට අලෙවි කරන්න ගිය බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් දිසානායක මහතා අප කළ විමසීමකදී පවසයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)