එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් ප්‍රපාතයෙන් පිහිටි කාසල්රි ජලාශය අසලට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් එක් කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (06) දින පස්වරු 5.30 ට පමණ හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදිය.

මස්කෙලිය ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගි වි ආපසු කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශය දක්වා ධාවනය කරමින් තිබු මොටර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට පැමිණි බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

මොටර් රථය අනතුරට පත් වන අවස්තාවේ මොටර් රථය තුල කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, එම සිව්දෙනාම වාහනයේ ආරක්ෂක බද පටි පැළද සිටි නිසා අනතුරෙන් එක් අයෙකුට පමණක් සුළු තුවාල සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here