අවුරුදු හතරක් වයසැති කුඩා දරුවෙකුට කෲර වධ හිංසා කළ මවක් සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම පොලිස් වසමේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් සිය අවුරුදු හතරක් වයසැති සිය පුතුට අතින් පයින් පහරදී පසුව එම දරුවාව නිවසින් පිටත දමා ලණුවක් භාවිතා කරමින් ගේට්ටුවේ ගැට ගසා කෘෘර වධ හිංසාවට ලක්කොට තිබු බවයි පොලීසිය සඳහන්  කළේ.

මේ පිළිබඳව ෙ ප්‍රදේශවාසීන් විසින් දැක පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත  දැනුම් දී තිබුණා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර හිංසනයට ලක් වූ අවුරුදු හතරක් වයසැති දරුවාව වැලිගම වලාන දිසා රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

දරුවාගේ මව සහ ඇගේ අනියම් සැමියා වූ වැලිගම මූදුගමුව ප්‍රදේශයේ පදිංචි වයස 40ක පමණ පුද්ගලයකු විසින් ද මෙම දරුවාට පහරදී කෲර වධ හිංසනයට ලක් කොට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුවයි අදාළ කාන්තාව සහ අනියම් සැමියා වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here