මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වු ත්‍රි රෝද රථයක් හා දඹුල්ල දෙසින් පැමිණි කාර් රථයක ගැටි දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම අනතුරින් පසු ත්‍රිරෝද රථය ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

නාඋල – අරංගල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර කාර් රථය පැදවු රියදුරු නාඋල පොලිසියේ අත්අඞංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 65 හැවිරිදි ජි.එම්.විමලරත්න සහ 76 හැවිරිදි හීනා ගමගෙදර සෝමාවතී යන අයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here