රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නිශානි පියුමිකා වැන්රෝවන් නම් සිසුවියක්.

මියගිය සිසුවිය සහ ඇගේ වයස අවුරුදු 6ක නැගණිය මිත්තණියගේ රැකවරණය යටතේ පසුව ඇති අතර ඊයේ (11) සිය නැගණිය පාසල් යාමෙන් අනතුරුව, සිසුවිය සති දෙක තුනක පමණ කාලයක සිට අක්‍රීය තත්ත්වයේ තිබූ රෙදි මැසීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සඳහා යම් උත්සහායක් ගෙන තිබුණා.

සිසුවියට විදුලි සැර වැදීමත් සමගම ඇය මහා හයියෙන් “අයියෝ ” යනුවෙන් ඇය කෑ ගසා ඇති අතර එම ශබ්දය ඉදිරිපිට නිවසේ අසල්වාසී කාන්තාවකට ඇසී නිවස තුළට පැමිණ සිදුකළ පරික්ෂාවේදී සිසුවිය උඩුබැලි අතට වැටී සිටින අයුරු දැක තිබුණා.

එසැණින් විදුලිය විසන්ධි කර ඇයව රෝහල්ගත කළ නමුත්, ඒ වන විටත් ඇය මියගොස් ඇති බැව් ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරු සඳහන් කර තිබුණා.

මියගිය සිසුවියගේ පියා මැලේසියාවේ හෝටලයක සේවය කරමින් සිටියදී 2023 වසරේ දෙසැම්බර් පළමුවැනි දින අභිරහස් ලෙස මියගොස් තිබූ අතර ඔහුගේ දේහය 2024 ජනවාරි 01 වෙනි දින මෙරටට එවා තිබුණා.

විදේශගතව සිටි මවද මෙරටට පැමිණ පියාගේ අවමංගල කටයුතු නිමවීමෙන් අනතුරුව යළි සෞදි අරාබියේ රැකියාව සඳහා මීට මාස කිහිපයකට පෙර පිටත්ව ගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here