හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළ බව කියමින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

වසර 13 ක පමණ කාලයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාග වුණා.

මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බව සඳහන් කරමින් මෙම නඩුව ගොනු කර තිබුණා.

නඩු කටයුත්තෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක,

‘මම ඒ රසිකාවිය එක්ක අඹමුල් රේණුවකවත් තරහාක් නෑ, මට තියෙන එකම දුක මම නුවර ආවා 75 පාරක් විතර. මම ලක්ෂ 80ක්90ක් වගේ වියදම් කරලා තියනවා. නීතිඥ මහත්වරු මේ අභියෝගය භාරගත්තා. උසාවියට පෙන්වා දුන්නා. මේක තනිකර බොරු නඩුවක්. ඒ අයට ඔිනි වුණේ මාව පීඩාවට පත් කරන්න, මම හැමදාම ලැබුණු දේවල් බෙදුව මිනිහෙක්. පඩියත් පරිත්‍යාග කරපු මිනිහෙක්. කොහොම හරි මේක නිදොස් කොට නිදහස් කරපු එක, නුවර ආපු එක නවත්තපු එක නම් ලොකු දෙයක්…. මට අද හරිම සන්තෝස දවසක්, මට වන්දි ඉල්ලලා නඩු දාන්න පුළුවන්. ඒත් මම ඒවාට යන් නෑ, මේක ආදරේ වැඩිකමට මාව අයිතිකරගන්න දාපු නඩුවක්. ඇත්තටම හිරේ දාන්න දාපු නඩුවක්..’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here