71 – 89 වකවානුවලදී මිනීමැරුම් කර, හැඳුනුම්පත් පැහැරගෙන, රත්තරන් හොරකම් කර, බැංකු කොල්ල කා රට තුළ සිටීමට නොහැකිව සරණාගතයින් ලෙස ගොස් ජිනීවාහි පදිංචිව සිටින කණ්ඩායමක පැමිණිලි සහ රටට විරුද්ධව බොරු කියමින් සරණාගතභාවය ඉල්ලා රටින් පිටව ගිය පිරිස්වල අසත්‍ය චෝදනා පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පිළිතුරු බැඳීමට රටට සිදුව ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (14) හලාවත ෂර්ලි කොරෙයා ක්‍රීඩාංගනයේ පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

“මම ජිනීවාවලදි දැක්කා බෝඩ් අල්ලගෙන ඉන්න වාහනයක්. මේ රටේ ප්‍රදර්ශනය කරන්න එකක් එහෙ ප්‍රදර්ශනය කරන් යනවා. මම ඇහුවා ඒ අය ජිනීවාවලත් ඡන්දෙ ඉල්ලනවද කියලා. මුළු ජිනීවා, ස්විට්සර්ලන්තයටම ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ 85,000යි. වැඩියෙන්ම ඉන්නේ දෙමළ ශ්‍රී ලාංකිකයන්. සිංහල ජාතිකයින් 1000කටත් අඩුයි. හැබැයි ගහගෙන යනවා අපි ‘මාලුමාමට’ කියලා. ඒ ඇයි අහපුවම කිව්වේ ‘මෙහෙ ඉන්නවා කට්ටියක් 71 කාලේ ජේවීපී සටන්වලට සම්බන්ධ වෙලා මිනී මරලා, හැඳුනුම්පත් අරගෙන, රත්තරන් හොරකම් කරලා, බැංකු කඩලා ලංකාවේ ඉන්න බැරුව පැනලා ගිය කණ්ඩායමක් ඉන්නවා. ඒ කට්ටිය එක කණ්ඩායමක්. තව කණ්ඩායමක් ඉන්නවා රටේ ඉන්න බෑ, ජීවත් වෙන්න බෑ කියලා රටට විරුද්ධව කේලම් කියලා සරණාගතභාවය ඉල්ලගෙන බොරු කියලා ගිය අය. දැන් අපි මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා මුහුණ දෙන්නේ අපේ රට මානව හිමිකම් කැඩුවා කියලනේ. ඔව්, උතුරේ යම් යම් ප්‍රශ්න ඇති වුණා. නොයෙක් ජාතීන්ට ප්‍රශ්න ඇති වුණා. එහෙම නොවී තමන්ට කරදර වුණා කියලා බොරු පැමිණිලි පොලීසිවල කරලා, බොරු දේවල් පත්තරවල දාලා සරණාගතභාවය ඉල්ලන් ගියපු, මේ රටේ අසාථක වුණ පිරිසක් ඉන්නවා රටත් එක්ක තරහක් තියෙන, රටත් එක්ක ඊර්ෂ්‍යා කරන, පොඩි හීනමානයක් තියෙන. රට දැන් දියුණු වෙනවා. ඒකට අකමැති පිරිසක් ඉන්නවා. ඒ අය තමයි බෝඩ් උස්සගෙන පොඩි රැළිවලට යන්නේ. ඔය එකෙක්වත් මේ අම්මලා තාත්තලා වගේ රටට සල්ලි විදිහට දරුවන්ට සත පහක්වත් එවන්නේ නෑ’ කිව්වා. රටට සල්ලි එවන්නේ නෑ. එහෙ ඉඳලා ෆේස්බුක් එකෙන් උද්ඝෝෂණ කරලා රට හදන්න තමයි සූදානම් වෙන්නේ. මෙහෙ ගෙයක් හදන්න, මෙහෙ දරුවන්ට පාසලක් හදන්න, තමන්ගේ වැඩකට සල්ලි එවන්නේ නෑ. මෙහෙ තියෙන දේවලුත් විකුණලා එහෙ ගිහිල්ලා ලංකාව විවේචනය කරන එක තමයි ඒ අයගෙ රස්සාව කියා ඔහු කිව්වා. අද මානව හිමිකම් කවුන්සිලයටත් ගිහින් හැමදාම උත්තර දෙන්න, නිවැරදි කරගන්න වෙලා තියෙන්නේ මේ වගේ බොරු පැමිණිලිත් එකතු වෙලා තමයි. මේ අය රටේ ආර්ථිකය ඉස්සරහට යනකොට, රට සංවර්ධනය වෙන සෑම අවස්ථාවකදීම, තරුණයෝ රට යවනකොට කෑගැහුවා. පහුගිය දවස්වල චෝදනා කළා රට යවන්න එපා කියලා. හැබැයි ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිකිරීම්වලට ලක්ෂ දෙකක් රට යවනවා කියලා තියෙනවා. ඒක තමයි හැටි.” යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.
විදේශගත ශ්‍රමිකයින් සමබන්ධ කර ගනිමින් කැපකරු ක්‍රමයක් ඇති කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහයෝගය ශ්‍රමිකයින්ට හිමි වන බවද එහිදී කී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“පුත්තලම දිස්ත්‍රික්කයේ මෙවර ගමන අපි ආවේ හලාවතට. ඒ එනකොට ලංකාවේ නිදහස් සටන ගැන මට මතක් වෙනවා. ලංකාවේ නිදහස් සටන ගැන අපි අහලා තියෙනවා. වැඩිපුර අහන්න නොලැබෙන වීරයොත් ඉන්නවා. ඒ වගේ වීරයො ගැන කතා වුණේ නෑ. වික්ටර් කොරෙයා කියන්නේ ඒ වගේ වීරයෙක්. ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් කරගන්න තමන්ගේ දේපල, වතුපිටි කැප කළ වික්ටර් කොරෙයා වගේම ඔහුගේ සහෝදරයා චාල්ස් එඩ්ගා කොරයාත් දුබල වීරයෙක්. ඔහුගේ පුතා තමයි ෂර්ලි කොරෙයා. මේක තමයි නිදහස් සටනට හලාවතින්, පුත්තලමින් දක්වපු දැවැන්ත දායකත්වය. ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් මුදාගන්නකොට එතුමා 1915 මාර්තු මාසයේ ‘යං ලංකා ලීග්’ කියා සංවිධානයක් හදාගත්තා. ඔහු එහි ආරම්භක සභාපති වගේම ලේකම් වුණේ කම්කරු නායකයෙක් වෙච්ච ඊ.ඒ. ගුණසිංහ මැතිතුමා. ඔවුන් ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් කරගන්නා බවට ලේවලින් අත්සන් කරපු බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ලංකාව නිදහස් කරගන්නව කියලා පුත්තලමේ මිනිස්සු කැප වුණේ එහෙමයි. ‘චිලව් ඕගනයිසේෂන්ස්’ කියලා සංවිධානයකුත් පිහිටුවා ගත්තා. ලාංකිකයින් අවදි කරන්න ‘ලංකා තරුණ හඬ’ කියන පත්තරේ පටන් ගන්න යන්ත්‍ර පවා ගත්තේ ඔහු. හලාවත සිංහපුරේ තිබෙන අක්කර සිය ගාණක ඉඩමත් විකුණලා තියෙන්නේ රටේ නිදහස වෙනුවෙන්.
1927 මහත්මා ගාන්ධි මැතිතුමන් හලාවතට ඇවිත් තියෙන්නේ වික්ටර් කොරෙයා සහ චාල්ස් එඩ්ගා කොරෙයා කියන සහෝදරයන්ගේ මූලිකත්වයෙන්. පුත්තලම ඓතිහාසික නගරයක්. මේ රට බේරගන්න කැප වුණු නගරයක්. දේශපාලන කතා රාශියක් තියෙන නගරයක්. කොරෙයා පරපුර මේ රටට සේවය කළා වගේම අවශ්‍ය වෙලාවට අවශ්‍ය නායකයන් බිහි වෙනවා. 2022 එදා රටට අවශ්‍ය වෙලාවෙත් මේ රට බංකොලොත් වෙච්ච, කඩාගෙන වැටිච්ච වෙලාවෙත් මේ රට ගොඩගන්න නායකයෙක් බීහි වුණා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා ගැන නෙවෙයි මම කියන්නේ. 2022 රට වැටුණු වෙලාවේ මේ රට බේරගන්න, ගොඩගන්න අපිට ආව ප්‍රශ්නය තමයි ඩොලර් ප්‍රශ්නය. එය විසඳන්න අපි ඉල්ලීම් කළා. මේ දැන්වීම්වල දැක්කේ දුවලා පුතාලා කරන්ට් නැතුව පාඩම් කරපු හැටි. ඒ වෙලාවේ අපි ඉල්ලුවා විදුලිය දෙන්න නම් අම්මේ, තාත්තේ ඩොලර් ටික රටට එවන්න කියලා. ඒ වෙලාවේ කිරිපිටි නැතුව දරුවෝ අඬද්දී, ගෑස් නැතුව දරුවෝ බඩගින්නේ ඉඳිද්දි අපි රට ඉන්න අම්මලා තාත්තලාට කිව්වා ඩොලර් ටික රටට එවන්න. මේ රටේ අම්මල තාත්තලා බෙහෙත් නැතුව මැරෙද්දී අපි පිටරට ඉන්න අපේ ශ්‍රමිකයන්ට කිව්වා සල්ලි ටික හරි පාරෙන් එවන්න කියලා. ඒ දවස්වල අපි පිටරටවලට පෙන්නපු ඇඩ් ටිකක් තමයි මෙතන පෙන්නුවේ. මේ දැන්වීම් ටික හැදුවේ ආණ්ඩුවේ සල්ලිවලින් නෙවෙයි. මේ ඉන්න ඇතැම් අය උදව් කරලා, අපේ හිතවතුන් උදව් කරගෙන රටට සල්ලි එවන්න කියලා කිව්වේ. ඒ වෙලාවේ දේශපාලන පක්ෂවල ඇතැම් නායකයෝ රටට සල්ලි එවන්න එපා කියලා ප්‍රසිද්ධියේ කිව්වා. රට වට්ටන්න නම් ප්‍රසිද්ධියේ කිව්වා සල්ලි එවන්න එපා කියලා. අපි හැමෝටම මතකයි සල්ලි එවන්න එපා කියපු හැටි. එහෙම සල්ලි එවන්න එපා කියද්දී මෙතන ඉන්න දූල පුතාලාගේ අම්ම තාත්තලා මෙතන පිටිපස්සේ ඉන්න, මෙතන වාඩි වෙලා නැති තවමත් අම්මා තාත්තා පිටරට ඉන්න දරුවෝ මෙතන ඉන්නවා. මේ දරුවෝ තමන්ගේ අම්මා තාත්තා – ඒ අම්මලා තාත්තලා තමන්ගේ තමන්ගේ දරුවොත් එක්ක ඉන්න තියෙන වෙලාව කැප කරලා, තමන්ගේ දරුවොත් එක්ක ජීවිතය විඳින්න තියෙන අත්‍යාවශ්‍යම කාලෙ කැප කරලා, පිටරටට ගිහිල්ලා සල්ලි ටික හම්බ කරලා, අර දේශපාලන කුහකයෝ සල්ලි එවන්න එපා කියද්දී මේ රටට සල්ලි එවලා ඩොලර් බිලියන 11.3ක් අපි අමාත්‍යංශ භාරගත්තු දවසේ ඉඳලා එවලා තියෙනවා. පුත්තලම ගත්තම මීගමුව ඉවර වෙන තැන ඉඳලා, ගම්පහ දිස්ත්‍රික්කය ඉවර වෙන තැන ඉඳලා හැම ගමකම, පළාතකම මෙහි ඉන්නෙ විදේශගත ශ්‍රමිකයෝ. ඉතාලියද, ස්විට්සර්ලන්තයද යුරෝපෙද, ජපානෙද, අරාබිකරයෙද, ඊශ්‍රායලයේද ලෝකේ ඕන රටක් කියන්න, මේ විදේශගත ශ්‍රමිකයෝ ඉන්නවා. ඒ සියලු දෙනා ලංකාවට සල්ලි එව්වා. ඒ සල්ලි නිසා තමයි අපිට ඩොලර් බිලියන 11.3ක් රටට ගේන්න පුළුවන් වුණේ. ඒක මම බැලුවා රුපියල්වලින් කීයද කියලා. එතකොට එය රුපියල් ට්‍රිලියන 3.4ක්. ඒක බිලියනවලින් ගත්තම 3446ක්. ඒක මිලියනවලට ගත්තම 34 ලක්ෂ හතලිස් හයදහස්හත්සීයක්. ලක්ෂවලින් ගත්තම ලක්ෂ තුන් කෝටි හතලිස් හතරලක්ෂ හැටහත්දාහක් මේ අම්මලා තාත්තලා එවලා තියෙනවා. මේකේ කොටසක් හලාවතට, ආරච්චිකට්ටුවට, පුත්තලමට, ආණමඩුවට අයිතියි. ඒ ස්තුතිය, ඒ උත්තමාචාරය තමයි අපි ඇවිල්ලා මේ දෙන්නේ පිටරට ගියපු දරුවොන්ට සහ අම්මල තාත්තලාට. අර කුහකයෝ සල්ලි එවන්න එපා කියද්දි රටේ මිනිස්සුන්ගේ දුක තේරුම් අරගෙන සල්ලි එව්ව අම්මලා තාත්තලාට තමයි ‘ශ්‍රමික හරසර’ අපේ උපහාරය අපි පුද කරන්න ඕනේ. අපේ අත් එකතු කර මේ අම්මලා තාත්තලාට අපේ උත්තමාචාරය අපි පුද කරනවා. අද අපිට ලයිට්, තෙල්, ගෑස්, කරන්ට්, බෙහෙත් ටික, කිරි ටික, කන්න බොන්න ටික තියෙන්නේ, රටේ බඩු මිල ඩොලර් එක 500ට 600ට යනවා කියලා අඩු වුණේ 280,90ට මේ විදේශගත ශ්‍රමිකයෝ නිසා. එදා ජනාධිපතිතුමා ඒ තීන්දුව අරගෙන අපිට එය බාර දුන්නම තමුන්නාන්සේලා රට ගැන තියෙන කැක්කුමට ඒ යුතුකම ඔබ සියලු දෙනාම ඉෂ්ඨ කළා.
අපේ රටේ ඩොලර් සංචිතය තෙල් නැවක් ගේන්න ඩොලර් මිලියන 50ක් හොයාගන්න බැරුව තිබුණේ රටේ ඩොලර් මිලියන 20යි. අද අපි ඩොලර් බිලියන 5.5ක් අපේ ඩොලර් සංචිතය විදියට අපේ භාණ්ඩාගාරයේ තියෙනවා. පහුගිය දවස්වල අපිට කෑගැහුව බදු, වැට්, පේයී ටැක්ස් ගහනවා කියලා. ඒ සියලුම දේත් කරලා රටේ හදිසි අවශ්‍යතාවයක් වුණොත්, ආයිත් කොරෝනා ආවොත්, ආයිත් මොනවාහරි ප්‍රශ්නයක් වුණොත් ඒ වගේ වෙලාවකට පාවිච්චි කරන්න රුපියල් බිලියන 500කට අධික සංඛ්‍යාවක් සංචිත විදිහට අපි තියලා තියෙනවා. ඒක කවුරුවත් දන්නේ නෑ. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාගෙන වැටුනා. ඒ සියල්ල අද බහුතරය ගෙවලා ඉවරයි. දැන් සල්ලි අච්චු ගහන්න බැරි නිසා. අපිට හැම ආගමේම කියනවා අරපරිස්සමින් ජීවත් වෙන්න. එතකොට සමහරු අහනවා ඕවා පුළුවන්නේ මිනිස්සුන්ට බෙදලා දෙන්න, නිකං දෙන්න, සහනාධාර දෙන්න කියා. රට අමාරුවෙ වැටිච්ච වෙලාවේ ‘අස්වැසුම’ වගේ වැඩ කරන ගමන් රටේ මිනිස්සුන්ව නැවත කවදාවත් නොවැටෙන්න තමයි ඒ සල්ලි තියාගෙන ඉන්නේ. නැත්නම් දේශපාලනය කරන්නවත් මැතිවරණවලදි බෙදන වැඩ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්නේ නැහැ. අත්‍යවශ්‍යම මිනිස්සුන්ව රැකබලා ගැනීමේ වැඩපිළිවෙළ විතරයි ක්‍රියාත්මක කරන්නේ.
අපි ගිය සතියේ ත්‍රිකුණාමලයට ගියාම එහි තියෙනවා කෝනේශ්වරම් කෝවිල. අද හලාවතට ආවහම මෙහෙ තියෙනවා මුන්නේශ්වරම්. එහි වැඩිපුරම එන්නේ බෞද්ධ බැතිමතුන්. ඒ තමයි මේ ඉන්දියාවෙ හැම තැනම ගෞරවයටත් පත් වෙච්ච පළමු ඊශ්වර කෝවිල හැටියට මේ මුන්නේශ්වරම් කෝවිල සලකනවා. මුන්නේශ්වරම දියුණු කළ රජවරු අතර 6 වැනි පරාක්‍රමබාහු රජුගේ නමත් වාල්මිකීගේ රාමායණයේ තියෙනවා. මේ කෝවිල පෘතුගීසීන්ගේ සමයේදී කිතුණු දේවස්ථානයක් හැටියටත් භාවිතා කරලා තියෙනවා. ඉන්දියාවේ ශිල්පීන් 64ක් ගෙනල්ලා, ඔවුන්ට ගම් දීලා කීර්ති ශ්‍රී රාජසිංහ රජු පෘතුගීසීන් විනාස කළාට පස්සේ භාර දීලා තියෙනවා.
ඉන්දියාවෙන් මොනවා හරි ගේනවා කිව්වොත් පහුගිය දවස්වල කොහොමද? බොම්බයි ළුෑණු, තව මොනවාහරි ගේනවා කිව්වොත්… එදා අපේ රටේ හැම ක්ෂේත්‍රයටම ඉන්දියාවෙන් ආවා. පාලි, දෙමළ භාෂා තුනෙන්ම මුල්ම සෙල්ලිපිය හම්බ වෙන්නේ මෙහි තිබිලා. එතකොට මේ හලාවත, පුත්තලම සිංහල, දෙමළ මුස්ලිම්, ඉස්ලාම්, හින්දු භක්තිකයෝ බොහොමත්ම සහෝදරත්වයෙන් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. අපේ ගොඩක් අයට මේ සහෝදරත්වය බලාගෙන ඉන්න බැරුව අපි රටක් විදිහට බෙදුවා නිතරම. 1956 ඉඳලම බලය ගන්න ඕන වුණාම. උතුරේ අයත් දකුණේ අයත් තම තමන්ගේ ඡන්ද වෙනුවෙන් මේ රට බෙදුවා. එහෙම බෙදලා ආපස්සට ගෙනියපු රටක අනාගතය වෙනස් කරන්න තමයි මේ දරුවන්ගේ අම්මලා තාත්තලා පිටරටවල ගිහිල්ලා අද කඹුරන්නේ. ඒක වෙනස් කරලා රටක් විදිහට එකතු වුණොත් විතරයි රටක් විදිහට ඉස්සරහට යා හැකි වෙන්නේ. අද ජාතික ගීය දෙමළෙනුත් ගයලා එය කරලා පෙන්නන්නේ ඒකයි. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයන්න 2015 තීරණය කළාම රනිල් වික්‍රමසිංහ මහත්තයට බැන්නා. නමුත්, අද තේරෙනවා එදා ගත් ඒ තීන්දුව වැරදි තීන්දුවක් නෙවෙයි. ඒකයි අපි බෞද්ධයෝ විදිහට බුදුදහමේ කියලා දීලා තියෙන්නේ.
මේ පළාත දකුණට පස්සේ විශාල වශයෙන් සංචාරකයින් එන පළාතක්. ඉස්සෝ, කෞකුළුවෝ, ලුණු පිටරට යවලා සල්ලි ගේන සම්පත්. සිමෙන්ති, වගා, උළු කර්මාන්තය, බිත්තර කර්මාන්තයත් විශාල දායකත්වයක් ආර්ථිකයට විදේශ විනිමය ගේන්න දායක වෙනවා. මෙහෙ බලාගාර නැත්නම් අදටත් ලයිට් නෑ. ඒ බලාගාර හදනකොට තමයි අර සියයට 03 කට්ටිය විරුද්ධ වුණේ. එහෙම විරුද්ධ වුණා. එහෙම වෙලා, එදා ඉන්දියාවට විරුද්ධ වෙලා ඉන්දියාව හොඳ වුණා වගේ තාප බලාගාර හදන්න යනවා කියලා සියයට 03 කට්ටියගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් තියෙනවා. දැන් තාප බලාගාරවලට ලෝකේ ණය දෙන්නේ නෑ. තවදුරටත් තාප බලාගාර හදන්න බෑ. දැන් පුනර්ජනනීය බලශක්තියට. ඒක අප්ඩේට් නොවුණ අය තමයි ඉතිහාසයේදී රටට කළ හානිය තමයි අපි අදත් භුක්ති විඳින්නේ. විදුලිබල මණ්ඩලයේ ඒකාධිකාරය නැති කරන්න අද විදුලිබල මණ්ඩල පනත ඇවිත් තියෙනවා. ඒ බලපෑම්, උද්ඝෝෂණ, වර්ජන ගණන නොගෙන රටේ මිනිස්සු ගැන හිතලා තීන්දු ගන්නේ.
මම ජිනීවා නුවර ඉඳලා අද ආවේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 112 වැනි සැසිය අමතන්න. එතනදි හම්බ වුණා ශ්‍රී ලාංකිකකයන් මැරවලගමින් ගිය. ඒ අය කිව්වා ඒ ගමේ දරුවන්ට උගන්වන්න අද අපි ඉංග්‍රීසි පන්ති පවත්වනවා. පරිගණක පන්ති පවත්වන්න සූදානම් වෙනවා කියා. රන්ජන් රාමනායකත් ලැප්ටොප් දෙන්නම් කිව්වා. මැර්වල ගමින් පිටරට ගිය අය ලංකාවේ අය හදන්න ලොකු කැපවීමක් කරනවා. ඒ අය හිතන්නේ ගමට සංචාරක ව්‍යාපාරය ගේන විදිහ. දරුවන්ට උගන්වන්නේ කොහොමද කියලා. ගමේ ඊළඟ පරම්පරාව හදන්න පොඩි දරුවන්ට ඉංග්‍රීසි පරිගණක උගන්වන්න තීරණය කළා යනුවෙන් ඔවුන් කියන්නේ. ඒ වැඩපිළිවෙළට අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදිහට සහයෝගය දෙන්න සූදානම්. අපි තැනක් දීලා ආදර්ශයක් විදිහට අපි පටන්ගමු. කාර්යාංශය හරහා කැපකරු මාපිය ක්‍රමය කරමු. පිටරට අපේ ශ්‍රමිකයන්ට කියමු තමන්ගේ ගම හදන්න කැපකරු ක්‍රමයක් ඇති කරමු කියා. ඒක උදාහරණයක් හැටියට අපේ විදේශගත ශ්‍රමිකයන්ට තමන්ගේ ගම දියුණු කරන්න අපි ආරම්භ කරමු.
මම ජිනීවාවලදි දැක්කා බෝඩ් අල්ලගෙන ඉන්න වාහනයක්. මේ රටේ ප්‍රදර්ශනය කරන්න එකක් එහෙ ප්‍රදර්ශනය කරන් යනවා. මම ඇහුවා ඒ අය ජිනීවාවලත් ඡන්දෙ ඉල්ලනවද කියලා. මුළු ජිනීවා, ස්විට්සර්ලන්තයටම ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ 85,000යි. වැඩියෙන්ම ඉන්නේ දෙමළ ශ්‍රී ලාංකිකයන්. සිංහල ජාතිකයින් 1000කටත් අඩුයි. හැබැයි ගහගෙන යනවා අපි ‘මාලුමාමට’ කියලා. ඒ ඇයි අහපුවම කිව්වේ ‘මෙහෙ ඉන්නවා කට්ටියක් 71 කාලේ ජේවීපී සටන්වලට සම්බන්ධ වෙලා මිනී මරලා, හැඳුනුම්පත් අරගෙන, රත්තරන් හොරකම් කරලා, බැංකු කඩලා ලංකාවේ ඉන්න බැරුව පැනලා ගිය කණ්ඩායමක් ඉන්නවා. ඒ කට්ටිය එක කණ්ඩායමක්. තව කණ්ඩායමක් ඉන්නවා රටේ ඉන්න බෑ, ජීවත් වෙන්න බෑ කියලා රටට විරුද්ධව කේලම් කියලා සරණාගතභාවය ඉල්ලගෙන බොරු කියලා ගිය අය. දැන් අපි මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා මුහුණ දෙන්නේ අපේ රට මානව හිමිකම් කැඩුවා කියලනේ. ඔව්, උතුරේ යම් යම් ප්‍රශ්න ඇති වුණා. නොයෙක් ජාතීන්ට ප්‍රශ්න ඇති වුණා. එහෙම නොවී තමන්ට කරදර වුණා කියලා බොරු පැමිණිලි පොලීසිවල කරලා, බොරු දේවල් පත්තරවල දාලා සරණාගතභාවය ඉල්ලන් ගියපු, මේ රටේ අසාථක වුණ පිරිසක් ඉන්නවා රටත් එක්ක තරහක් තියෙන, රටත් එක්ක ඊර්ෂ්‍යා කරන, පොඩි හීනමානයක් තියෙන. රට දැන් දියුණු වෙනවා. ඒකට අකමැති පිරිසක් ඉන්නවා. ඒ අය තමයි බෝඩ් උස්සගෙන පොඩි රැළිවලට යන්නේ. ඔය එකෙක්වත් මේ අම්මලා තාත්තලා වගේ රටට සල්ලි විදිහට දරුවන්ට සත පහක්වත් එවන්නේ නෑ’ කිව්වා. රටට සල්ලි එවන්නේ නෑ. එහෙ ඉඳලා ෆේස්බුක් එකෙන් උද්ඝෝෂණ කරලා රට හදන්න තමයි සූදානම් වෙන්නේ. මෙහෙ ගෙයක් හදන්න, මෙහෙ දරුවන්ට පාසලක් හදන්න, තමන්ගේ වැඩකට සල්ලි එවන්නේ නෑ. මෙහෙ තියෙන දේවලුත් විකුණලා එහෙ ගිහිල්ලා ලංකාව විවේචනය කරන එක තමයි ඒ අයගෙ රස්සාව කියා ඔහු කිව්වා. අද මානව හිමිකම් කවුන්සිලයටත් ගිහින් හැමදාම උත්තර දෙන්න, නිවැරදි කරගන්න වෙලා තියෙන්නේ මේ වගේ බොරු පැමිණිලිත් එකතු වෙලා තමයි. මේ අය රටේ ආර්ථිකය ඉස්සරහට යනකොට, රට සංවර්ධනය වෙන සෑම අවස්ථාවකදීම, තරුණයෝ රට යවනකොට කෑගැහුවා. පහුගිය දවස්වල චෝදනා කළා රට යවන්න එපා කියලා. හැබැයි ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිකිරීම්වලට ලක්ෂ දෙකක් රට යවනවා කියලා තියෙනවා. ඒක තමයි හැටි.
අපි ජනතාව හැටියට අපිට තෝරගන්න තියෙන්නේ මාර්ග දෙකයි. එකක් තමයි නොවෙනස් ආර්ථික ඉලක්ක වර්ෂ වර්ධනය හඳුනාගෙන අවශ්‍ය ආර්ථික පරිවර්තන තීන්දුවලට සහාය දීලා රට ඉස්සරහට අන්න ශක්තිය දෙන එක. නැත්නම් තවත් අවුරුදු 75ක් යනකල් එකිනෙකාට චෝදනා කර කර කුහකොයො බවට පත් වෙලා කටයුතු කරන එක. ඒ සියයට 03ක් වුණ කුහකයො වෙන්න නෙමෙයි අපිට ඕනේ. සිංහල, දෙමළ මුස්ලිම්ද – බෞද්ධ, කතෝලික, ඉස්ලාම්ද කියලා බෙදෙන්නේ නැතුව පක්ෂ දේශපාලනය පැත්තකට තියලා සියලු දෙනා එකට එකතු වෙලා සාමයෙන් සහජීවනයෙන් මේ රට ගොඩනගන්න අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ඒකටයි අපි ආරාධනා කරන්නේ මේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඔබට. ඊයේ රාත්‍රියේ අයිඑම්එෆ් තුන්වැනි වාරිකය අනුමත වුණා. හැමෝම කිව්වා අපිට සහයෝගය ලැබෙන්නේ නෑ කියලා. හෙට අනිද්දා රටට ආයෝජන එන ගිවිසුම් අත්සන් කෙරෙනවා. මේක ආපස්සට හරවගන්නේ නැතුව ඉස්සරහට යන්න දියුණු රටක් හදන්න මගෙන් පටන්ගමු.” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
‘ජයගමු ශ්‍රී ලංකා – හලාවතට’ – පුත්තලම දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, අශෝක ප්‍රියන්ත, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති චින්තකමල් මායාදුන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න, අලි සබ්‍රි රහීම් – පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හලාවත එකසත් ජාතික පක්ෂ සංවිධායක ස්ටීවන් ප්‍රනාන්දු, ආරච්චිකට්ටුවේ සතීශ් ගුණතිලක, පල්ලම සංවිධායක චමින්ද ඉන්දික, හලාවත නගර සභාවේ මොහොමඩ් මුර්ෂික්, කම්කරු අමාත්‍යාංශ ලේකම් ආනන්ද විමලවීර, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත්, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලාල් සමරසේකර, අමාත්‍යාංශයේ මුදල් නිලධාරී, අමත්‍යවරයාගේ උපදේශක පද්මිණී රත්නායක, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙෆ් ගුණවර්ධන, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ කම්කරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මෙන්ම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, රජයේ සේවකයන් සමග විගමනික ශ්‍රමික පිරිස් පවුල්වල සාමාජිකයෝ සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here