සංගීත ප්‍රසංගයකදී ගෙලකපා තරුණයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, දොඩංගොඩ – ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු ප්‍රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇති අතර, ඇය දින කිහිපයකට පෙර ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවද සදහන් වනවා.
එම තරුණිය කළුතර – ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ, ඇය සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමග නර්තනයේදී සිට ඇති බවද පොලිසිය සදහන් කරනවා.
එහිදී උරණ වූ සැකකරු නර්තනයේදී යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.