විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය, අද (16) 46 වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.
වර්ජනය ක්‍රියාත්මක වන්නේ, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
ඒ හේතුවෙන් සති අන්ත පාඨමාලාවලට ද, බාධා මතුව තිබෙනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අනිද්දා (18) කැඳවා ඇති සාකච්ඡාවෙන් පසුව වැඩවර්ජනය පවත්වාගෙන යාම පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බවයි.
මේ අතර, රජයේ මිනින්දෝරුවන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ද අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.