2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (17) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක ලකුණු 46 බැඟින් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30 ක් ලබා ගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 202 ක්.

1 COMMENT

  1. Too late to cover their shame. They should be banished from this country.
    Money has eaten into them.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here