ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා​යම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 31 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 92 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 4 ක්, ​චමරි අතපත්තු හා අචිනි කුලසූරිය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 22 ක් තුළ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 50 ක් හා කවීෂා දිල්හාරි ලකුණු 28 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here