විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර අද (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව එම කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පවසනවා.

ප්‍රතිපාදන සභාවේ සභාපතිවරයා ලිඛිත විසඳුමක් ඒ සඳහා ලබාදීමට ඉල්ලා සිටියද මේ වන විට බලධාරීන් එවැනි විසඳුම් කෙරෙහි තමන්ට තිබූ විශ්වාසය පලුදු කර ඇති හෙයින් එවැන්නකට එකඟ නොවූ බවයි ඒ මහතා පවසන්නේ.

ඒ හේතුවෙ​න් දැනට දින 47​ක් ගත වී ඇති තම වෘත්තීය ක්‍රියාමාර්ගය නිත්‍ය විසඳුමක් ලැබෙන තුරුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවද සභාපතිවරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here