පේරාදෙණිය බෝවල ප්‍රෙද්ශයේ  ඝන  කැලෑවක මව සහ දියණිය එක්ව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු පෙරීමේ ස්ථානයක් වටලා කසිප්පු ස්ප්‍රීතු බෝතල් 200 ක් සහ ගෝඩා ලීටර් 1250 ක් සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් සමත්ව තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 48 හැවිරිදි මව සහ 26 හැවිරිදි ඇගේ දියණිය මෙයට පෙර අවස්ථා කිහිපකයකදී ම කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබෙන බව පොලීසිය පවසයි.

පොලීසිය නිතර වැටලීම් සිදු කරන බැවින් මොවුන් පේරාදෙණිය බෝවල බස් ධාවනය කරන මාර්ගයේ සිට කිලෝ මීටර් 1 /12 ක පමණ දුරක් කැලෑබද ප්‍රෙද්ශයට වන්නට කසිප්පු ජාවාරම සිදුකර තිබෙන බවත් පයිනස් ගස් වලින් පිරිණු එම ප්‍රෙද්ශයට වෙත ළගා වීම අතිශයින් දුෂ්කර නිසා මොවුන් කාලයක් තිස්සේ නිදහසේ ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙන බවත් පොලීසිය පවසයි.

ලීටර් 500 ප්‍රමාණයේ ජල ටැංකි වලදමා ඒවාට නළ මගින් කසිප්පු ස්ප්‍රීතු එකතු වන සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන අතර කසිප්පු පෙරීමට උපයෝගි කරගත් තඹ දඟර,ගෑස් ලිප් හා සිලින්ඩර් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පහළොස් දෙනෙකු ගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායමක් පෙරේදා (18) පස්වරුවේ අදාළ ස්ථානයට ළඟා වී රැකවල්ලා සිට මව සහ දියණිය ඇතුළු කිහිප දෙනෙකු කසිප්පු පෙරීමේ කටයුතු ආරම්භ කරත්දීම පොලීසිය එහි කඩා පැන සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇත.යුක්තිය මෙහෙයුම යටතේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ  අධීක්ෂණය යටතේ මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.

(කමල් සුරවීර  මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here