14 වැනි ණය කළමනාකරණ පහසුකම (DMF) පාර්ශ්වකරුවන්ගේ සංසදයේ “ස්වෛරී ණය කළමණාකරණයේ ඇති අභියෝග සහ අවශ්‍ය වෙනස්කම්” යන මැයෙන් පැවති සැසියට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී විය.
ගෝලීය ණය අභියෝග බහුවිධ වන අතර දියුණු සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සඳහා අභියෝග ඇති බව රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.
බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් බාහිර කම්පනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බැවින් ණය පීඩාවකට මුහුණ දෙන බවත් ගෝලීය ණය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවල දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙනු ලැබීය.
තව ද, දේශගුණික විපර්යාසවල මූල්‍ය බලපෑම අභියෝගයක් වන අතර දේශගුණික බලපෑම් අවම කිරීමට සහ ඒවාට අනුවර්තනය වීමට රටවලට සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය වනු ඇති බව ද සඳහන් කළේ ය.
එහි දී විශේෂයෙන් ණය නොවන ආයෝජන වදගත් වන අතර ඒ අනුව පුද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මුදල් අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබීය.