පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

මිහින්තලය, අනුරාධපුර නගර සීමාව, තන්තිරිමලය, අවුකන, විජිතපුර ,නාමල්උයන, කැකිරාව ප්‍රදේශය පොසොන් සමයේ මහජනතාව ගැවසෙන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ.

පොසොන් පොහෝ දින විහාරස්ථාන ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 20,000 කට ආසන්න පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here