පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිවී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවූවන් 289 දෙනෙකු සඳහා අද (21) දිනයේ විශේෂ රාජ්‍ය සමාව ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here