වසර 16 කට පසු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ එක්දින තරගාවලි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.

ඒ අද පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 161 කින් ජයගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 06 කට ලකුණු 275 ක් රැස් කලා.

චමරි අතපත්තු ලකුණු 91ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 34 යි පන්දු 5 ක් තුළදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 115 ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here