වත්තේගම සිට අනුරාධපුරේ වන්දනාවේ යමින් සිටි ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටීමෙන් අද (22)දින එකම පවුලේ මව සහ දියණිය මරණයට පත්ව ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

වත්තේගම සිට එකම පවුලේ මව පියා හා පුතා හා දියණිය ඔවුන්ගේ තීරෝද රථයෙන් අනුරාධපුරේ යෑමට පිටත්ව ඇති අතර මාතලේ පලාපත්වල කිරුළුගම ප්‍රදේශයේදී දඹුල්ල ප්‍රදේශයේ සිට මහනුවර දෙසට ගමන් කළ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ මව ධම්මිකා පද්මිනි (54) හා දියණිය සචිනි තාරකා (17) මරණයට පත්ව ඇති අතර ත්‍රීරෝද රථය පැදවූ පුත්‍රයා හා පිටුපස ගමන් කළ පියා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු මාතලේ පොලිසිය මගින් සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here