16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්නන් වන බවයි.
කොස්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් පොසොන් පොහෝදින උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් තිබුණා.
අනතුරුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පැවසූ ඇය මිතුරියකගෙන් රුපියල් 300ක් ඉල්ලාගෙන සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
පොලීසිය පවසන්නේ, ඇය සිය පෙම්වතාගේ නිවසට ගොස් ඔහු සමග ලිංගිකව එක්ව ඇති අතර පසුව පෙම්වතා අදාළ දැරියව සිය යතුරුපැදියෙන් හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයෙන් බස්වා ගොස් ඇති බවයි.
ඒ අතරතුර පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට කතා කර සිය පෙම්වතිය සමග කතාකර අවශ්‍ය තැනකට රැගෙන යන ලෙසට පවසා ඇති බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව, ඔහුගේ මිතුරන් දෙදෙනෙකු හංවැල්ල ආටිගල ප්‍රදේශයට යතුරුපැදියකින් පැමිණ අදාළ දැරිය සමග කතා කර ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින සුසාන භූමියකට රැගෙන ගොස් ඇය සමග ලිංගිකව එක්ව තිබෙනවා.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, පසුව ඔවුන්ගේ මිතුරන් තිදෙනෙකු ද පැමිණ ඇයව දූෂණයට ලක්කර ඇති බවයි.
එහිදී ඔවුන්ගේ තවත් මිතුරෙකු මාර්ගයේ රැඳී සිටිමින් ඔත්තු බලා ඇති බව පොලීසිය පවසනවා.
ඉන් පසුව ඇයව එම ස්ථානයට රැගෙන ආ තරුණයෙකු නැවත වතාවක් ඇයව හංවැල්ල ආටිගල හංදියට ගෙනැවිත් දමා ගොස් ඇති බවද පොලීසිය තවදුරටත් සඳහන් කළා.
දැරියට නිවස කාර යෑමට මුදල් ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර එහිදී ඔවුන් විසින් ඇයට රුපියල් 40ක් ලබාදී තිබෙනවා.
අනතුරුව නිවසට යෑමට නොහැකිව දැරිය හඬමින් සිටින අතරතුරදී පොලිස් යතුරුපැදියක් එම ස්ථානයේ නවත්වා ඇයගෙන් කරුණු විමසා ඇති බව පොලීසිය සඳහන් කළා.
එහිදී දැරිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ත්‍රිරෝද රථයක ඇයව නංවාගත් පොලීසිය ඇය සමග අදාළ සිදුවීම සිදුවූ ස්ථානයට ගොස් තිබෙනවා.
ඒ අසල වූ දන්සලක් ආසන්නයේ ඇයව රැගෙන ගිය තරුණයා හිඳ ඇති අතර එම අවස්ථාවේදී ඇය ඔහුව පොලීසියට පෙන්වීමෙන් පසුව හංවැල්ල පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පසුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දැරියව දූෂණයට ලක්කළ පස් දෙනා තමන්ගේ මිතුරන් බව සැකකරු පවසා තිබෙනවා.
අනතුරුව ඔහුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරියව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබුණා.
පොලීසිය පැවසුවේ අද උදෑසන සිද්ධියේ ප්‍රධාන සැකකරු නීතීඥවරයෙකු සමග පැමිණ හංවැල්ල පොලීසියට භාර වූ බවයි.
ඉන්පසු ඔහු සමග ගොස් දැරියව දූෂණය කළ සෙසු සැකකරුවන් පස්දෙනාද අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
ඒ අතරතුරදී දැරියගේ පෙම්වතාට දුරකථන මාර්ගයෙන් පොලීසිය පැමිණෙන ලෙස දැනුම්දුන්නද ඔහු එය මඟහැර ඇති අතර පසුව ඔහුව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්න් වන අතර ඔවුන්ගේ අයෙක් විවාහකයෙක් බවද සඳහන්.
පොලීසිය සඳහන් කළේ, මාර්ගයේ ඔත්තු බැලූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
මේ අතර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත තවත් පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එහිදී අනාවරණ වී ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීද අදාළ දැරියව එවක සිටි පෙම්වතා හා ඔහුගේ මිතුරන් පිරිසක් එක්ව දූෂණය කර ඇති බවයි.
ඒ අනුව අදාළ සිදුවීම පිළිබඳව ද පොලීසිය විමර්ශනයක් සිදු කිරීමට නියමිතයි.