ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට ශ්‍රී ලංකා පුද්ගල පෙරමුණේ රාජපක්‍ෂ පාර්ශවය දිගින් දිගටම සහභාගී කරගන්නේ නම් තම කණ්ඩායම ඉන් ඉවත්ව ස්වාධීන වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට තීරණය කර තිබෙන බව සඳහන් වෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණයේදී අවශ්‍ය වන්නේ පොදුජන පෙරමුණේ රාජපක්ෂ කඳවුරේ සහයද නැතිනම් තම කණ්ඩායමදැයි තෝරා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවත් එම කණ්ඩායම අවධාරණය කරයි.
බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට කැඳවීම පිළිබඳව තම කණ්ඩායම දැඩි ලෙස විරෝධතා පල කර ඇතත් ඒ නොතකා දිගින් දිගටම ඔහු සහභාගී කර ගනිමින් සිටින බවද එම කණ්ඩායම පෙන්වා දෙයි.
නිමල් ලංසා මහතා ඇතුළු කණ්ඩායම සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවයද ඒකාබද්ධව කටයුතු කරන බැවින් ඉදිරියේදී මෙම මතය ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කිරීමට නියමිතව තිබේ.