ඔක්තෝබර් 12 වන දිනට පෙර දිනයක දී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ.
ගාල්ලේ දී එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ පැවති හමුවක දී යි ඔහු මේ බව පවසා ඇත්තේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් නියමිත දිනයක දී දැනුම් දෙනු ඇති බවත් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා එහිදී කියා තිබෙන බව වාර්තා වෙනවා.
ඔහු සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අනුව ඔක්තොම්බර් 17 ජනාධිපතිවරණය පැවැත්වීමේ අවසාන දිනය බවයි. ඒ අනුව මැතිවරණ කොමසමට දින 7ක කාලයක් ලබා දෙන්නේ නම් ඔක්තොබර් 12 වන දිනට ප්‍රථමයෙන් මැතිවරණය පැවැත්විය යුතුව පවතින බවයි.
ඒ අතර අවශ්‍ය නම් ජනපති රනිල් වික්‍රමසිංහට අවුරුදු 12ක් වුවත් ජනාධිපති ධුරයේ රැදී සිටීමට ජනමතය විමසිය හැකි බවයි ඔහු කියා ඇත්තේ. ජනාධිපතිවරයා කරන එම විමසීමේ දී දෙකෝටි විසිලක්ෂයක් වන ජනතාව ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට යළි අවස්ථාව ලබා දුනහොත් එය ප්රජාතන්ත්රවාදයේ ලක්ෂණයක් බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.