2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (24) පැවැත්වෙන 50 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ දකුණු අප්‍රිකා – කොදෙව් තරගයේ ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
ඒ කඩුලු 03කින් බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජයට පත් කරමින්.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරාගත් අතර, පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තා.