ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක පවසනවා.

ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම තවත් දින 105 කින් මැතිවරණයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here