හැටන් නගරයේ පිහිටි වෙලදසැලක් අසල ගාල් කර තිබු ලොරි රථයක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම ලොරි රථයේ ඉදිරිපස කොටස පස් වලින් සම්පුර්ණයෙන්ම යට වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
හැටන් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග (26) දින ලොරි රථය ගාල් කර තිබු ස්ථානයට ඉහලින් පිහිටි පස් කන්ද පස්වරු 2 ට පමණ කඩා වැටි ලොරි රථයේ ඉදිරිපස කොටස සම්පුර්ණයෙන්ම යට වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
පස් කන්ද කඩා වැටුණු අවස්තාවේ ලොරි රථය තුල කිසිවෙකු සිට නොමැති බවත්, ලොරි රථය ගාල් කර එම වෙලදසැටල රැගෙනවිත් තිබු ආහාර ද්‍රව්‍ය ඉවත් කරමින් සිටින අවස්තාවේ පස් කන්ද කඩා වැටි ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
පස් කන්ද කඩා වැටිමෙන් ලොරි රථයේ ඉදිරිපස කොටසට දැඩි අලාභ හානි සිදු වි ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)