සිරකරුවන්ගේ පහරකෑමට ලක්වූ රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන්ගේ පහරකෑමෙන් තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ රැඳවියෙක් බව සඳහන්.

පහරකෑමට ලක්වූ රැඳවියා ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) රාත්‍රියේ මියගොස් ඇති බවට පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව උසාවි නියෝගයක් මත බන්ධනාගාරගත කොට තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගාල්ල පොලිසිය විසින් සිදුකරනවා.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here