කිලිනොච්චිය,කන්ඩාවලෙයි ප්‍රදේශයේදී වීදි බල්ලෙකු සපා කෑ වයස අවුරුදු හතරක දැරියක් ඊයේ(27) ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.

ප්‍රදේශවාසීන් පැවසූවේ පසුගිය 10 වැනිදා වීදී බල්ලෙකු විසින් අදාළ දැරිය සපා කා ඇති අතර, දැරියට ජල භීතිකා එන්නත් ලබාදීම හෝ වෙනත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට දෙමාපියන් කටයුතු කොට නොමැති බවයි.

දැරිය හදිසියේ අසනීප වි ඇති අතර, අනතුරුව දැරිය ප්‍රතිකාර වෙනුවෙන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අවස්ථාවේ ජිවිතක්ෂයට පත්ව ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.

දැරියගේ මරණය බල්ලා සපාකෑමෙන් සිදුව ඇති බවට රෝහල් බළධාරීන් පවසා ඇති අතර,අදාළ බල්ලා සපා කෑ තවත් පුද්ගලයින් සිවිදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු කොට ඇති බවද ගම්වාසීන් පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩාවලෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(වවුනියාව මාධව කුලසූරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here