මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීමෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු මියගොස් තවත් ධීවරයින් සිව් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වන ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසා සිටියා.
මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ . ඊයේ (28) රාත්‍රියේ තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මුහුණ පා තිබෙනවා.
ඔවුන්ට මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමු වී ඇති අතර ඒ මත්පැන් බව සිතා තිබෙනවා.
පසුව ඔවුන් ඒවා පානය කර ඇති අතර එහිදී ධීවරයින් 06 දෙනාම රෝගී තත්ත්වයට පත්ව ඇත.
ඒ සම්බන්ධයෙන් පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔස්සේ ඔවුන් දැනුම්දීමක් සිදුකර තිබු බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක් ඒ මහතා,
“තංගල්ල ධීවර වරායෙන් රැකියාව සඳහා ගිය මෙම යාත්‍රාවට ඊයේ රාත්‍රියේ මුහුදේ පාවෙමින් තිබුණු යම්කිසි බෝතල් වගයක් හමුවෙලා. මේ බෝතල්වල මත්පැන් කියලා විශ්වාස කරලා…ඔවුන් අද උදේ ඒ බෝතල්වල තිබුණු දේ පානය කරලා තියෙනවා. අනතුරව කාර්යමණ්ඩලයේ 06 දෙනාම රෝගී තත්ත්වයකට පත්වෙලා.