මෙම වසරේ මෙරටට පැමිණි දස ලක්ෂ වැනි සංචාරකයා බවට අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි සහ පැට්‍රීෂියා රෝයි යුවළ පත් වුණා.

ඔවුන් අද දහවල් 12.40ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ උත්සවයක් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here