කොලඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක, එහි රියදුරු සුදුහුම්පොළ ප්‍රදේශයේදී දුම්රිය මග නවතා දුම්රියෙන් බැස යාමේදී දුම්රියේ සිටි මගීන් ඔහුව ලුහුබැඳ ගොස් නැවත දුම්රියට දමාගෙන තිබෙනවා.

පසුව දුම්රිය මහනුවර දක්වා ධාවනය කර ඇත්තේ, සහායක රියදුරා විසින්.

බීමත් රියදුරා දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට බාරදීමට පියවර ගනු ලැබීය.

අද (30) පෙරවරු 10.40ට කොළඹින් ධාවනය ආරම්භ කර ඇති මෙම දුම්රිය මහනුවර වෙත ලඟාවීමට නියමිතව තිබී ඇත්තේ පස්වරු 1.40ටයි.

මෙම සිදුවීමත් සමග එම දුම්රියට මහනුවරට ලඟාවීමට පස්වරු 2.30 පමණ වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here