වීසා නොමැතිව මෙරට රැදී සිටි ඉතාලි ජාතික කාන්තාවක් මහනුවර පොලීසියේ සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (30) මහනුවර නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක වීසා මත පසුගිය වසරේ ඔක්තොම්බර් මස 30 දින මෙරටට පැමිණ තිබෙන ඇයගේ වීසා කාලය එම වසරේ නොවැම්බර් මස 28 දිනෙන් අවසන්ව ඇත.
වයස අවුරුදු 33 ක් වන ඇය ඉන් අනතුරුව ද මෙරට රැඳී සිට ඇති අතර පසුගිය මහනුවරට පැමිණ සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබේ.
ගමන් බෑගය ඇතුළු භාණ්ඩ හෝටල් කාමරයේ තබා 30 දින පෙරවරුවේ ඇය සංචාරක හෝටලයෙන් පිටව ගොස් ඇත.
පස්වරුව වන විටත් ඇය හෝටලයට නොපැමිණීම නිසා එහි කළමනාකරු ඒ සම්බන්ධව මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකයට පැමිණිල්ලක් කර තිබේ.
රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇයව මහනුවර නගරයේ දී හඳුනාගෙන ප්‍රශ්න කර ඇත. එහිදී ඇය වීසා නොමැතිව මෙරට රැඳී සිටින බව අනාවරණය වී තිබේ.සංචාරක පොලිසිය මගින් මහනුවර අධිකරණයට ඉදිරිපත් කළ ඉතාලි ජාතික කාන්තාව ජූලි මස 02 දා තෙක් ජාතික රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
(කමල් සුරවීර – මහනුවර)