ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකුල මහලේකම් වශයෙන් දයාසිරි ජයසේකර මහතා පිළිගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
මහනුවරදී 03 දින මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කළ ඒ මහතා කියා සිටියේ දයාසිරි ජයසේකර මහතාට මෙතෙක් නොතිබූ පක්ෂ සාමාජිකත්වය මෙන්ම ප්‍රධාන ලේකම් ධූරය ස්වාධීන අධිකරණයකින් ලබාදීමෙන් ඒ මහතා පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම් බවට පත්ව තිබෙනවා.
මින් ඉදිරියට පක්ෂයේ සියලුම සාමාජිකයන්ට ඒ තීරණය අනුව කටයුතු කරන්න වෙනවා. අපි සියලු දෙනා එතුමා මහලේකම් වශයෙන් පිළියගෙන කටයුතු කරන්න සූදානම්. මේ වන විට මේ පක්ෂයේ කොටසක් රජයේ තනතුරු ලබාගෙන අනීතිකව මධ්‍යම කාරක සභා, දේශපාලන මණ්ඩල, විධායක සභාව පත්කරගෙන බලහත්කාරයෙන් පක්ෂ මූලස්ථානය අල්ලගෙන කටයුතු කරනවා. මේ ඇමතිකම් ගත්ත අයට අපි කීප වරක්ම කිව්වා ඇමතිකම් අත් ඇරලා අපි සමග එක් වෙන්න කියලා . නමුත් මේ දක්වා ඒ ඉල්ලීමට ප්‍රතිචාර නෑ. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය, මහ මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ සඳහා අපි ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒ සෑම කටයුත්තකටම පක්ෂයේ මහලේකම් වශයෙන් දයාසිරි ජයසේකර මහතා අපි පිළිගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් පැවැති අවිනිශ්චිත වාතාවරණය යම් තරමකින් හෝ අඩුවීමක් සිදුවී යැයි අපි හිතනවා.
(කමල් සුරවීර මහනුවර)