අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක මෙන්ම හිටපු විපක්ෂ නයක වූ ගරු ආර්. සම්පන්දන් මහතාගේ දේහය අද (04) උදෑසන කොළඹ සිට යාපනයට රැගෙන එනු ලැබුවේ උතුරේ ජනතාවගේ අවසන් ගෞවරයන් දැක්වීම සඳහාය.
ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් රත්මලන ගුවන් හමුද කඳවුරේ සිට යපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙතට රැගෙන ඒමට ගුවන් හමුදාව විසින් කටයුතු යොදා තිබුණි.
අනතුරුව පලාලි ගුවන්තොටුපල වෙතට රැගෙන ආ ගරු ආර් සම්පන්දන් මහතාගේ දේහය පලාලි සිට රථ පෙලහැරකින් යාපනය ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයට සහ යාපනය මධ්‍යමහා විද්‍යලය අසල පිහිටි තන්දෙයි සෙල්වා ශ්‍රවනාගරයට රැගෙනවිත් මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව අද උදෑසන 08 දක්වා යාපනය මාර්ටින් පාරේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ තැන්පත් කොට තිබූ අතර උදෑසන 08 සිට පස්වරු 4 දක්වා තන්දෙයි සෙල්වා ශ්‍රවනාගරයේදී මහජන ගෞරවයන් පිණිස තැන්පත් කොට ඇති ආර්. සම්පන්දන මහතාගේ දේහය ඉන් අනතුරුව අද රාත්‍රි කාලයේදී යාපනය මාර්ටින් පාරේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ තැන්පත් කිරීමට සංවිධානය කොට තිබේ.
ඉන්පසුව හෙට (05) දිනයේදී නැවත පලාලි ගුවන්තොටුපලෙන් ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින ත්‍රීකුණාමලය වෙතට රැගෙන යාමට සියල්ල සූදානම් කෙට ඇත.
(වන්නි රොමේෂ් මධුෂංක)