දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත්, වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ සිසුවියක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යාලයේ සිසුන් හත් දෙනකු ප්‍රතිකාර සඳහා ඊයේ (5) දහවල් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
අත්තන ඇට කෑමෙන් පසු ශරීරයට විෂ වූ පිරිමි ළමයින් සිව් දෙනකු සහ ගැහැනු ළමයින් තිදෙනකු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී සඳහන් කළේය.
ඊයේ (5) උදෑසන 9 ශ්‍රේණියේ සිසුවියක අත්තන ඇට පාසලට ගෙනවිත් ඇය යහළුවන්ට කෑම සඳහා එම ඇට දී ඇති අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අසේලපුර මහා විද්‍යාලයේ 9, 10, 11 හා 12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුහු හත්දෙනකි.