පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට බව පවසා රුපියල් ලක්ෂ 3ක මුදලක් පළමුව ලබාගෙන එහි දෙවන කොටස වන රුපියල් 154,200ක මුදලක් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය තුළ ලබා ගන්නා අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
ඉබ්බාගමුව – දෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන ලද මුදල් මිලට ගැනීමේ හා විකිණීමේ ව්‍යාපාර මඟින් මගින් පුද්ගලයන් දෙදෙනකු සමග සිදු කරන ලද ගනුදෙනු තුනකට අදාලව වංචනික ලෙස වෙනත් ගිණුමකින් මුදල් හුවමාරු කිරීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන ලද විමර්ශන කටයුතුවලදී කටයුතුවලදී ඉහත ගිණුම්වලින් වංචනික ලෙස මුදල් මාරු කරන ලද පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ණය පැමිණිලිකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට නම් රුපියල් 454,200ක මුදලක් අවශ්‍ය බව පවසා එකී මුදලින් ලක්ෂ තුනක මුදලක් පළමුව ලබාගෙන තිබූ බව පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ, සැකකරුවන් ඉතිරි මුදල් කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)